Sunday, November 19, 2017

GRADE 7

ටෙසලාකරණ

අද අපගේ පාඩම ටෙසලාකරණය අපි මුලින්ම  බලමු ටෙසලාකරණය යනු කුමක්ද කියලා

ටෙසලාකරණය යනු :

හැඩතල එකක් හෝ කිහිපයක් හෝ භාවිත කරමින්, එවා එක මත එක
නොසිටිනසේත්, හිඩැස් නොපවතිනසේත්, ක්‍රමානුකූලව නැවත නැවත
යොදා ගනිමින් තලයක් මත යම් ඉඩ ප්‍රමාණයක් වැසීයන සේ පිළියෙල
කිරීමේ ක්‍රියාවලිය ටෙසලාකරණය නමින් හඳුන්වනු ලැබේ.

ඉහත දැක්වෙනුයේ ටෙසලාකරණ කිහිපයකි , අපි බලමු ඒවා වෙන්කරන්නේ කොහොමද කියලා 

ශුද්ධටෙසලාකරණය 

හැඩතල එකක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණ, ශුද්ධ
ටෙසලාකරණ නම් වේ.







ඉහත ශුද්ධ ටෙසලාකරණයට අදාල වීඩියෝ පට දෙස අවදානය යොමුකොට පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

(1) ටෙසලාකරණයක් කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් ලියන්න.
(2) ශුද්ධ ටෙසලාකරණයක් යනු කුමක් ද?
(3) ඔබ කැමති හැඩතලයක් භාවිතයෙන් ශුද්ධ ටෙසලාකරණ නිර්මාණයක්
කර අභ්‍යාස පොතේ අලවන්න.

අර්ධ ශුද්ධ ටෙසලාකරණය 

හැඩතල දෙකක් හෝ කිහිපයක් යොදා ගනිමින් සිදු කරනු ලබන
ටෙසලාකරණය අර්ධ ශුද්ධ ටෙසලාකරණය නම් වේ.


                                                    https://youtu.be/l7z-G0tWd3c

ඉහත අර්ධ ශුද්ධ ටෙසලාකරණයට අදාල වීඩියෝ පට දෙස අවදානය යොමුකොට පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

 (1)  අර්ධ ශුද්ධ ටෙසලාකරණයක් යනු කුමක් ද?
 (2) ඔබ කැමති හැඩතලයක් භාවිතයෙන් අර්ධ ශුද්ධ ටෙසලාකරණ නිර්මාණයක්
      කර අභ්‍යාස පොතේ අලවන්න.